(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තුව අසලදී හමුදා සෙබළකුට පහරදී ඔහු සතුව තිබූ ගිනිඅවිය සහ උණ්ඩ හැටක් අඩංගු මැගසින් දෙක පැහැරගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත එම විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාව අතරතුර දී එහි රාජකාරි සඳහා පැමිණි වැල්ලවාය හමුදා කඳවුරේ සෙබළකුට යකඩ පොල්ලකින් පහරදී මෙම පැහැර ගැනීම සිදුකර තිබිණි
එහිදී බරපතළ තුවාල ලද යුද හමුදා සෙබලා මේ වන විට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබයි
කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් හමුදා රෝහලට ගොස් අදාළ හමුදා සෙබළාගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය