
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය, මොදරවාන, වල්ඌරුමඩ ප්‍රදේශයේ දී ටී 56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරොම් සමග මත්කුඩු ද සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව උඩවලව විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.
සැකකරුවන් දෙදෙනා අවුරුදු 38 සහ 32 වයස් වල පසුවන්නන්ය. මොදරවාන සහ පින්නවල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
සැකකරුවන්, ඔවුන් පැමිණි යතුරු පැදිය සහ අත්අඩංගුවට පත් භාණ්ඩ අධිකරණ කටයුතු සඳහා ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසියට බාරදීමට නියමිතය.

