(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙටි්‍රක්ටොන් 3900 ක් රැගත් නෞකාවකට අද (12) දිනයේ ද මුදල් ගෙවීමට නොහැකි වීමෙන් මේ වන වි දින 5 ක කාලයක් නිදහස් කරගැනීමට නොහැකි වී තිබේ.
මෙම නෞකාවේ ඇති ගෑස් තොගයට ඩොලර් මිලියන 2.5 (ඩොලර් ලක්‍ෂ 25) ඉතිරි මුදලක් ගෙවීමට ඇති අතර මේ වන විට එයට ප්‍රමාද ගාස්තු ද එකතු වී ඇති බවත් ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.
මෙම ගෑස් රැගත් නෞකාව කොළඹට පසුගිය 8 වැනිදා පෙරවරුවේ ළගා වුවද එය නිදහස් කරගැනීමට ඩොලර් නොමැතිවීමෙන් මෙසේ හිරවී තිබේ.
ලිට්‍රෝ සමාගම අද දිනයේ ද ගෑස් බෙදානොහැරීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
ලිට්‍රෝ සමාගම අඛණ්ඩව දින දින 9 ක් ගෑස් බෙදානොහැරීම ගෑස් ලබාගැනීමට ජනතා පෝලිම් දිගු වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල පාරිභෝගිකයෝ දින ගණන් පෝලිමේ රැදී සිටින බව ද වාර්තා වේ.