දරුවන් පාසල් රැගෙන යන තරුණ මව්වරුන් යන එන තැන් සෝදිසියෙන් සිට ඔවුන් තනිපංගලමේ හමුවී කප්පම් කන කල්ලියක දෙදෙනකු ජා-ඇලෙන් හා කොට්ටාවෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම කාන්තාවන් ‘අසවල් තැනට ගියාය, අසවල් දේ කළාය‘ ස්වාමිපුරුෂයනට කියන බව පවසා කප්පම් කතියි පොලිසිය කියයි.
කොට්ටාවේ කතකගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ද, අතුරුගිරියේ කාන්තාවන් දෙදෙනකුගෙන් පනස් දහස සහ තිස් දහසක කප්පම් ද කා ඇති බව පොලිසියට පැමිණිලි ලැබී ඇත.
පොලිසිය මෙවැනි කතුනට කියනුයේ දරුවන් පාසලට රැගෙන ගොස් අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් තමනුත් දරු පවුලත් අමාරුවේ වැටෙන නිසා එවැනි දෙයින් වැළකී සිටින ලෙසයි.