ගැමියෝ කම්හලක් වට කරති


රතුපස්වල සහ අවට ගම්මාන කිහිපයක ළිං ජලයේ පී.එච් අගය අඩුවීමේ ගැටළුව ගැන සාක්ඡා කිරීමට සඳුදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවති සාකච්ඡාවේදී ස්ථිර විසඳුමක් නොලැබුණු බව කියමින් ගැමියෝ තුන් දහසක් පමණ ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වට කළහ.

ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ මෙහෙයවීමෙන් එම ස්ථානයේ ආරක්ෂාව සඳහා අවට පොලිසිවලින් ද බලෑණි ගෙන්වා ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ හා පොලිසියේ 400ක් පමණ මේ වන විට එහි සිටිති.