ගැටුම බලන්න රනිල් එයි


රතුපස්වල ගම්වාසීන් හා හමුදාව අතර පෙර දින  ඇති වු ගැටුම පිළිබදව තොරතුරු සොයා බැලිම සදහා එක්සත් ජාතික පක්ෂයේ  නායක හා විපක්ෂ නායක  රනිල්  වික්‍රමසිංහ මහතා අද (02)  වැලිවේරියට පැමිණියේය.

එහිදී ජනතාව සමග කතා කළේය.

  වැලිවේරිය පොලිසියට පැමිණි  වික්‍රමසිංහ මහතා  වැලිවේරීය පොලීසියට ගොස්  බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේසානායක මහතා  සහ  යුද හමුදාවේ උසස් නිලධාරීන් හමුවේ සාකච්ඡාවක්ද  පැවැත්විණි.

පසුව මාධ්‍ය හමුවේ දහස් දැක්වු වික්‍රමසිංහ මහතා කියා සිටියේ  ඇති වු තත්ත්වය පිළිබදව සිය කණගාටුව පළ කරන බවත් මේ පිළිබදව ස්වාධින පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් රජයට පවසන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි සාකච්ඡා කරන බවද කීවේය.සාමාන්‍ය ජනයාට මේ තත්ත්වය සමතයකට පත් වන තුරු කළබල නොවී  සාමකාමීව හැසිරෙන්නැයි ද වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේය.

මේ අතර  මින් මද වේලාවකට පෙර වැලිවේරිය නගරයේ  මාර්ග බාධක ඉවත් කළ  හමුදාව  වාහන ගමනාගමනයට ඉඩ සැළැසීය.

පෙරදින සිට වැලිවේරියට ඇතුළු වන මාර්ගය වසා තිබිණී.තැන තැන ගල් ගොඩවල් ,දැව හා ටයර් පුළුස්සා  තිබු අතර ගස් කපා හරහා දමා  කොට හරස් කැර තිබුණේය.

මාර්ග බාධක ඉවත් කරන්නට පොලීසියද සහය දක්වන අයුරු දකින්නට ලැබිණි.

ගමනාගමනයද යථා තත්ත්වයට පත් කැර තිබිණි. හමුදාව  හා පොලීසිය වැලිවේරියේ ආරක්ෂාවට රදවා ඇත.