ගාලු විද්‍යාලෝකයේ කලබල.


ගාල්ල විද්‍යාලෝක විදුහලේ නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතා වැඩ භාරගනිද්දී ඇතිවූ කලබලය සංසිදුවීමට අද පාසල වැසීමට දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කිත්සිරි ලියනගම මහතා තීරණය කළේය. විදුහල්පති පොලිස් ආරක්ෂාව ද සහිතව කාර්යාලයට පැමිණ වැඩ බාර ගනිද්දී සිසුන් සිය ගණනක් පන්ති වර්ජනය කොට එළියට බැස කෑ කෝ ගසන්නට වූහ. වතුර පිරවූ සිලි සිලි බෑග් ද ගල් මුල් ද පොලීසියට එල්ලවිය. පොලීසියේ ඇතැම් සාමාජිකයනට ගල් මුල් සහ වතුර වැදුණි. මව්පියෝ පිරිසක් ද පාසල් ගේට්ටුවෙන් පිටත සිට කෑ කෝ ගසති. විදුහල්පතිවරයාගේ රථයට ද හානි සිදුව ඇත. සිසුන්ගේ හා මාපියන්ගේ ඉල්ලීම වී ඇත්තේ නව විදුහල්පති පාසලට නුසුදුසු බවයි. විදුහල්පති වරයා පවසන්නේ නීත්‍යානුකූල පත්වීමක් ලබා පැමිණි බැවින් මව්පියන් හා සිසුන් තමන්ට එරෙහිවීමට හේතුවක් නොමැති බවයි. හිටපු විදුල්පති එෆ්. වෙලේගේ මහතා දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරු කැර සිටිති.