ගාලු පිවිසුමේ තවත් මරණයක්


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පිවිසුමේ දී කඩුවෙළ සිට ගාල්ලට ආ ලංගම බසයක හැපුණු පාපැදි කරුවකු (70) මිය ගිය බව අක්මීමණ පොලිසිය කියයි. එහි වේග සීමාව පැයට කිලෝ මීටර 70ක් බව දක්වා ඇතත් වාහන අධිවේගයෙන් ධාවන වන බව ගැමියෝ චෝදනා කරති. මේ ස්ථානයේ මරණ හතරක් සිදුව ඇති බවත් මාර්ග බාධකයක් ඉල්ලා උද්ඝෝෂණය කළ ද එයට නිසි පිළියම් නොලැබුණු බවත් ගැමියෝ කියති.

P1040808