(ඩී.ජී.සුගතපාල)
ඓතිහාසික ගාලු කොටු පවුරේ ස්ථාන තුනක්, ගිලා බැසීමට පටන්ගෙන ඇති බව ගාලු උරුමය පදනමේ නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී සුධර්මාලය විහාරස්ථානය ඉදිරිපිට, ප්‍රදීපාගාරය අසළ සහ හමුදා කඳවුර අසළ කොටසක් මෙසේ ගිලා බැසීමට පටන් ගෙන ඇත.
ශ්‍රී සුධර්මාලය විහාරස්ථානය ඉදිරිපිට ගාලු කොටුබැම්මේ අඩි 10ක පමණ විෂ්කම්බයකින් යුත් කොටසක් මෙසේ ගිලා බැස ඇති අතර අඩි 20කට වඩා අධික දෝනාවක් හෑරී තිබිණ.
සිද්ධිය වාර්තාවීමත් සමග ගාලු උරුමය පදනම විසින් එම ස්ථානයට ජනතාව පැමිණීම වළක්වාලමින් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත. එම ස්ථානවලට ගමන් කිරීමෙන් වළකින ලෙස මහජනතාව දැනුම්වත් කර ඇති බවත් එම නිලධාරියා පැවසීය.
(ඡායාරූප - ඩී.ජී.සුගතපාල)


(ඡායාරූප - ජේ.කේ.එල්.චාමින්ද)




