ගාල්ලේදී ව්‍යාපාරිකයාට මැර ප්‍රහාරයක්.


ගාල්ල නගරයේදී අද මහ දවල් ව්‍යාපාරිකයකුගේ අතක් හා කකුලක් වෙන්වනසේ කපා දැමූ දාමරිකයන් සිව්දෙනකු පලාගිය බව පොලීසියට පැමිණිලිකැර ඇත. ගාල්ල මහවීදියේදී කඩු වලින් කපා දැමූ කුමාර සෙනෙවිරත්න නම් ව්‍යාපාරිකයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගියේය. ඔහු ගාල්ල නගර සභාවේ හිටපු විපක්ෂ නායක දුසන්ත සෙනෙවිරත්න මහතාගේ සොහොයුරාය වත්මන් නාගරික මන්ත්‍රී ප්‍රභාත් සෙනෙවිරත්න ඔහුගේ සොහොයුරකුගේ පුත්‍රයෙකි.