ගාල්ලේ දොස්තර වර්ජනයට අදත් බේත් නෑ


ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර වෙනුර සිංගාරච්චිට බැනවැදී තර්ජනය කළැයි කියන ගාලු පුරපති මෙත්සිරි ද සිල්වා අත්අඩංගුවට ගැනීම අවශ්‍ය නැතැයි නීතිපති උපදෙසක්  දෙතොත් එම උපදෙස් නොපිළිගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටි ශාඛාවේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මංගල ගුණතිලක කියයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා අද නීතිපති උපදෙස් පැතීය. පුරපති අත්අඩංගුවට ගන්නැයි වෛද්‍යවරු සඳුදාත්  අදත් වැඩ වැරූහ. කරාපිටිය, මහමෝදර ඇතුළු ගාල්ලේ සියලුම රෝහල්හි අත්‍යවශ්‍ය සේවා ඇතුළු සෙසු දෑ අඩාල වීම නිසා බෙහෙත් ගැනීමට ආ බොහෝ පිරිසක් හැරී ගියහ. පුරපති මෙත්සිරි ද සිල්වා පවසනුයේ තමා නිර්දෝශී බවත්, වෛද්‍ය සංගමය අසරණ රෝගීන් අපහසුවට පත් කරන බවත් ය. දෝස්තර වෙනුර සිංගාරච්චි පවසනුයේ මේ ගැන කිසිවක් කිව නොහැකි බවයි.