ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කළ බවත් තැපැල් ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 10.00 පමණ වනවිට නිකුත් කළ හැකි බවත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති ගණන් කිරිමේ ශාලා 16 ක තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී. කළුවැල්ලේ තාක්ෂණ විද්‍යාලය හා ශ්‍රී හෘදය කන්‍යාරාම විද්‍යාලයේ ගණන් කිරිමේ මධ්‍යස්ථාන 54 ක ඡන්ද ගණන්කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතය. ඡන්ද මධ්‍යස්ථාන 703 ක ඡන්ද පෙට්ටි සියල්ල ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන ආ පසු රාත්‍රී 7.00 පමණ එම ඡන්ද ගණන් කිරිමේ කටයුතු ආරම්භකරණ බවත් ප්‍රථම නිල ඡන්ද ප්‍රථිපලය මධයම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවේයැයි විශ්වාස කරණ බවත් හේවාවිතාරණ මහතා පවසයි.
ගාල්ලේ ඡන්ද දායකයන් සියයට 80 ක් පමණ ඡන්දය දී ඇති බවත් ඒ සම්බන්ධ ස්ථිර සංඛ්‍යාලේඛණ ඉදිරිපත්කළ හැකිවන්නේ සියළුම ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන ඒමෙන් පසුව බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.



