(සිරංගිකා ලොකුකරවිට)
මහ වැසි හේතුවෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහ හපුගල පොල්දූව වත්තේ පවුල් 76ක් සහ පින්නකොල දූව වත්තේ පවුල් 28ක් කොටුවී සිටිතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වක්වැල්ල දූවවත්ත සහ උක්වත්ත බිම්බිරිගොඩ ගම්මානවලට යන මාර්ග ද මුළුමණින්ම ජලයෙන් යටවී තිබීම හේතුවෙන් ඒවායේ පදිංචි සියල්ලන්ට නිවසින් පිටතට යා නොහැකිව කොටුවී සිටිතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
හෝලුවාගොඩ දේවගිරි විහාර මාවත ජලයෙන් යටවීම හේතුවෙන් හෝලුවාගොඩ ප්‍රදේශයේ පවුල් ගණනාවක් කොටු වී සිටිති. ඇතැම් මාර්ගවල අඩි හයක් පමණ උසට ජලය පවතින බවද දැනගන්නට ඇත.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙහෙයවීමෙන් ඔවුන්ට පිසූ ආහාර, වියළි ආහාර, ඖෂධ අතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම සිදුකරන අතර අවට ගම් වැසියෝ ද මෙම කටයුතු සඳහා සිය දායකත්වය සපයති.

