සුනාමියෙන් මියගිය අය සිහිකරමින් අද උදෑසන ගාල්ල බස් නැවතුම ඉදිරිපිට මහා සංඝරත්නය වෙනුවෙන් සාංඝික පැවැත්විණි. බෝධි රාජ විහාර සංවර්ධන කමිටුව, ගාලුපුර බොදු සවිය හා ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මෙය සංවිධානය කළේය. 2004 සුනාමියේ දී ගාල්ල බස්නැවතුම් පොළ ද නගරය ද මහා විනාශයකට ලක්විය. ගාලු දිස්ත්‍රික්කයේ පමණක් 4770ක් ද දිවයිනේ 40,000ක් පමණ ද සුනාමියට බිලි වූහ.
ගාල්ල සුනාමිය සිහිකරයි
Recommended Articles