ඉන්දියාවේ මධ්‍යම රෙවා නගරයේ බාපු භවාන් අනුස්මරණ මධ්‍යස්ථානයේ තිබූ මහත්මා ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ පිරිසක් විසින් සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙම සොරකම සිදුව ඇත්තේ ගාන්ධිතුමාගේ 150වන උපන්දිනය යෙදී තිබුණු ඊයේ දිනයේ දී ය.
මෙම අළු සහිත බඳුන මහත්මා ගාන්ධි ඝාතනය කළ 1948 වර්ෂයේ සිට එම අනුස්මරණ මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබී ඇත.
සොරුන් එම මධ්‍යස්ථානයේ එල්ලා තිබූ ගාන්ධිතුමාගේ ඡායාරූපවල 'ජාතිද්‍රෝහියා' යනුවෙන් කොළ පැහැයෙන් ලියා ඇති බවද පොලිසිය පවසයි.
1948 වර්ෂයේ ජනවාරි මාසයේදී හින්දු අන්තවාදීන් විසින් මහත්මා ගාන්ධි ඝාතනය කරන ලදී.
අදටත් බොහෝ හින්දු අන්තවාදීන් ගාන්ධිතුමා ද්‍රෝහියෙකු ලෙස හඳුන්වන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබිසි ඇසුරිණි - 085)

