ග්‍රේරුට ලොකු අඩුවක් පෙනේ


‘තවත් කෙනෙකු කියන නිසාවත්  කරන නිසාවත් පුර්ව  පාසල් ගුරුවරියක් වෙන්න හිතන්න එපා.මවක මෙන් හදවතින්ම දරුවන් පිළිබඳ දැනෙන ආදරය ඔවුන්ට දෙන්නැයි’  අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුයේ පුර්ව පාසල්  ගුරුවරුන්ගේ හමුවකට නුගේගොඩදී එක්වෙමිනි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

නගර සභා ,ප්‍රාදේශීය සභා ආශ්‍රිතව පෙරපාසල් ක්‍රමයක් ක්‍රියාත්මක වුණත් රාජ්‍ය අංශයේ  පෙර පාසල් පද්ධතියක්  තවම දකින්නට නැහැ.තමන්ගේ නිවාස, පන්සල් හෝ කුලියට ගත් තැනෙක කාන්තාවන් මේ පෙරපාසල් පවත්වාගෙන යනවා.රාජ්‍ය නොවන සංවිධාන හරහා යම් දායකත්වයක් ලබා දුන්නත් තවමත් මේ සදහා වැඩියෙන්ම උර දෙන්නේ පෞද්ගලික අංශයේ කාන්තාවයි.

ඇතැමුන් තමන්ගේ ඉලක්ක සැබෑ කරගන්න තමන් ළග කිසිවක් නැහැ කියමින් ළතැවෙනවා.ලෝකයේ ප්‍රාග් ධනය කියන්නේ ධනය විතරක්ම නෙවෙයි. ඇස් දෙක හොදට පේනවා නම් එයයි ඔබට තියෙන ලොකුම ප්‍රාග් ධනය.අදුරේ අතපත ගාන්න එපා. තමන්ගේ දක්ෂතාව අඳුනගන්න.