ග්‍රෑන්ඩ්පාස් සන් සුන්


කොළඹ ග්‍රෑන්ඩිපාස් හි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ මුස්ලිම් යාඥා කුටියක වීදුරු බිද දැමීමේ සිද්ධියෙන් පසුව යුධ හමුදාව, පොලිස් විශේෂ කර්‍ය බලකාය, කැරළි මර්ධන පොලිසිය, පොලිසිය එහි ආරක්ෂාව තර කර ඇත.

පෙර දින පැනවූ ඇදිරි නීතිය අද උදේ හතට අවසන් විය.

තුවල ලැබූ මුළු සංඛ්‍යාව අටකි.

ඇමති මර්වින් සිල්වා, අදිකරණ ඇමති රාවුෆ් හකීම්, නියෝජ්‍ය ඇමති ෆයිෂාල් මුස්තාපා යන මහත්වරු එහි ගියහ.

කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසාමිල් මහතාද එහි ගිය නමුත් ඔහුට විරෝධය එල්ල කළ නිසා පොලිස් ආරක්ෂාව යටතේ ආපසු ඒමට සිදු විය.

ග්‍රෑන්ඩ්පාස් ගැටුම කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි  දෙපාර්ශවයක් අතර හටගත් බවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇති බවත් පොලීසිය කියයි.