ගහේ පිළිවෙත් වෙනසකට
අපි ජාතිවාදීන් යැයි මැතිවරණ සමයේ ඇතැම් පිරිස් කීවත් අපි ජාතිවාදීන් නොවේ. මුස්ලිම් කොංග්‍රසය ජාති වාදී පක්ෂයක් යැයි කියන නිසා ඉදිරියේ දී අප පක්ෂයේ ප්‍රතිපත්ති කිහිපයක් වෙනස් කිරීමට බලාපොරොත්තුවන බව එහි නියෝජ්‍ය නායක හාපිස් නසීර් අහමඩ් මහතා අද ත්‍රිකුණාමලයේ දී කීය. නැගෙනහිර පළාත් කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන, පශු සම්පත්, කාර්ය සාධක හා ධීවර ඇමැතිවරයා වශයෙන් වඩ බාර ගැනීමේ උත්සවයේ දී ඔහු එසේ කීවේය.
මුස්ලිම් කොංග්‍රස් නායක ඒ.එච්.එම්. අෂ්රොප් මහතා ජාතික සමගි පෙරමුණ බිහි කෙළේ ජාතිවාදී හංවඩුව නැති කිරීමට බව ද ඔහු සඳහන් කෙළේය.

