ගසේ ගෙඩි ගසට බර නැති


අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළෙවරක පිහිටි දෙහිප්පාව දඹුළු හල්මිල්ලෑවේ මහළු මවක හා පියෙක්  කාළයක් තිස්සේ අබාධිත දරු සිව් දෙනා රැක බලා ගැනීමට මහත් වෙහෙසක් ගනිති.

උපතින්ම අබාධිත වු  සෝමලතා (48) ස්වර්ණලතා (46) නිමල් චන්ද්‍රසිරි (41) සරත් කුමාරසිරි (38)  ඔවුනට  එහෙන් මෙහෙන් බැද ගත් රෝද පුටු වල අධාරයෙන් එහා මෙහා යති .

 පියා  එල් එච් පියදාස මහතා ගේ වයස අවුරුදු  71 කි. මව කේ ඩබ් ලිව් බන්දුවතීගේ වයස අවුරුදු  68 කි. දඹූළු හල්මිල්ලෑව හමුදා කදවුර පවුලට තුන්වේලම ආහාර සපයා දෙයි.

 ආබාධිතව සිටියද මේ සිව් දෙනා  සබන් බිස්කට් ආදී විකුණන පුංචි කඩ දෙකක් පවත්වාගෙන යති. දානපතියෝ පිරිසක් වසර කිහිපයකට පෙර ඔවුනට නිවසක් ඉදි කැර දුන්හ. දැන් ඔවුන්ගේ අවශ්‍යතාව වි ඇත්තේ ආබාධිතයනට අවශ්‍ය වැසිකිළියක් හා වතුර නෑමට තැනකි.

ගිණුම් අංකය 6627729 - ශාඛාව - ලංකා බැංකුව - ගල්කිරියාගම ඔවුන්ගේ දුරකථන අංකය -066/5710281