(මොහොමඞ් බුහාර්ඩින්)
දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප‍්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් ටිපර් රථයක ගැටිමෙන් සිදුවු අනතුරකින් යතුරපැදියේ ගිය සිසුවිය (14) මියගොස් පියා බරපතල තුවාල ලබා රොහල් ගත කරනු ලැබ ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
අනතුරින් බරපතල තුවාල ලැබු පියා ගලේවෙල දිසා රොහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා දඹුල්ල මුලික රෝහලට මාරුකර යැවිණි.
අනතුරින් මියගොස් ඇත්තේ ගලේවෙල බුලනවැව ප‍්‍රදේශයේ පදිංචි ෆාතිමා හම්දානි නමැති සිසුවියකි. ටිපර් රථ රියදුරු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.

