ගල්මෝල් හිමියා අපුර ආදායම් ලොක්කිට ගල් පෙරළයි.


දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර නියෝජ්‍ය කොමසාරිස්වරිය සහ තක්සේරු නිලධාරියකු රුපියල් ලක්‍ෂ පහක අල්ලසක් ලබා ගනිද්දී අල්ලස් හෝ දුෂණ කොමිසමේ නිලධාරීන් ඊයේ (30) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. අනුරාධපුර නියෝජ්‍ය කොමසාරිස්වරිය ඊ.ඩබ්ලිව්. එම්. විජේකෝන් සහ තක්සේරුකරු  එම්.පී.ඩබ්ලිව්.එස්. සී සිල්වා එම දෙදෙනාය. අනුරාධපුරයේ ගල්මෝල් හිමියකුගෙන් ආදායම් බදු අඩුවෙන් තක්සේරු කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 10ක අල්ලසක් ඉල්ලා ඉන් ලක්‍ෂ පහක් අනුරාධපුර දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස් කාර්යාලයේදී ගනිද්දී වැටලීම සිදුවිය.