(මුදිතා දයානන්ද)
වැඩි මිල දර්ශකයක් ඉදිරිපත් කර අඩු මිල දර්ශකයක් යටතේ වන ගල්අඟුරු මෙට්‍රික් ටෝන් 6,300,000ක් ලක්විජය බලාගාරයට දීර්ඝකාලීන ප්‍රසම්පාදන යටතේ ආනයනය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.
එම විගණන වාර්තාවට අනුව මෙම ගල්අඟුරු තොග ගෙන්වා තිබෙන්නේ රුසියානු කලාපයෙනි. එම කලාපයේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකා ඩොලර් 179.55ක් ලෙස දක්වා ඇති අතර අදාල සමාගම ඉදිරිපත් කර ඇත්තේ ටොන් එකක් ඩොලර් 284.84ක් වශයෙනි.
මෙම මිල ගණන් අතර පරතරය අවම කර ගැනීම සඳහා අදාල සමාගම සමග සකච්ඡා කිරීමට හැකියාව තිබියදී ඒ සඳහා උත්සාහයක්වත් ගෙන නැතැයි ද විගණන වාර්තාවේ සඳහන් වේ.
රුසියානු හා ඉන්දුනීසියානු කලාපයේ ගල් අඟුරුවල මිල දර්ශකය ඉතා පහළ අගයක් ගන්නා අතර ඕස්ට්‍රෙිලියා මිල දර්ශකය පවතින්නේ ඉතා ඉහළ අගයක බව ද එම ගල්අඟුරු තොග ගෙන්වා තිබෙන්නේ එම ඉහළ අගයක් ගන්නා මිල දර්ශක අනුව බව ද එම වාර්තාවේ සඳහන් වේ.

