ගල් විහාරය අභය භූමියේදී ගැබිනි මුව දෙන මරා මස් කළ අයෙක් අත්අඩංගුවට


(නිමල් ජයරත්න)

පොළොන්නරුව ගල්විහාර අභයභූමිය තුළ  රන් කොත්වෙහෙරට නුදුරින් මදු අටවා ගැබිනි මුවදෙනක් මරා හම ගසමින් සිටි පුද්ගලයෙකු අද (01 )  අත්අඩංගුවට ගත්  බව මනම්පිටිය වනජීවි නිලධාරීහු පවසති.

මෙම පුද්ගලයා කාලයක් පටන් මෙම මස් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර මොහු පොළොන්නරුව, නිශ්ශංකමල්ලපුර, පදිංචි  60 වියැති අයෙකු බව  මනම්පිටිය වන සත්ව අඩවි ආරක්ෂක පී.ඞී.එස්. ශාන්ත මහතා  පැවසීය.
 
සැකකරු අද පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.