හොරණ ගල්ඒදඬුගොඩ පල්ලියකන්දෙ ගල් පහලට වැටීමේ අවදානමක් ඇති නිසා කන්ද පාමුල පවුල් 20ට අයත් සියයක් පමණ දෙනා දැඩි බියකින් යුතුව ජීවත් වෙති. වැසි දිනවලදී ඔවුන් රැය පහන් කරනුයේ ද නිදි වර්ජිතවය. මේ ගැන අදාල බලධාරින් දැනුම්වත් කළද මෙතෙක් කිසිසු සහනයක් ලැබී නැතැයි ගැමියෝ කියති. පානදුර රත්නපුර මාර්ගයට මුහුණ ලා මෙම කන්ද පිහිටා තිබේ.




