ගලහ රෝහලේ වෛද්‍යවරු නැහැ


(ඩබ්ලිව්.ඒ. අසේල)

ගලහ ප්‍රාදේශිය රෝහලේ නේවාසික රෝගීන් පරීක්ෂා  කිරීමට අද (2)  දහවල් වන තෙක් කිසිදු වෛද්‍යවරයකු නොපැමිණි බව නේවාසික රෝගීහු චෝදනා කරති.

මෙහි රෝගීන් 11දෙනෙක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබති.ස්ථීර වශයෙන්ම වෛද්‍යවරයෙකු රෝහලේ රැඳී සිටිය යුතු අතර එම වෛද්‍යවරයාච රෝහලේ රැදී නොමැත.

නමුත් ගලහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් තිදෙනාම ගලහ නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල ප්‍රතිකාර සිදුකරන බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් 119 දුරකතන අංකයට ලැබුණු පැමිණිල්ලක් අනුව ගලහ පොලීසියේ නිලධාරින්ද රෝහලට ගොස් පරීක්ෂා කර ඇති අතර එම අවස්ථාවේදී ද වෛද්‍යවරුන් නොසිටි බව කියැවේ.

මේ ගැන මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ මහත්මියගෙන් කළ විමසීමකදී පැවසුවේ තමා ඒ පිළිබඳ සොයා බලන බවයි.