ගමේ සිටන් පේවි පේවි කමතට යඤ්ඤයි..


පාරම්පරික කෘෂි කාර්මික පිළිවෙත් වලට මුල් තැන දෙමින් වලල්ලාවිට රාගොඩ වෙල වෙල් යායේ ගොවීහූ අලුත් සහල් මංගල්‍යක්  සංවිධානය කළහ.

වලල්ලාවිට සුවිසුද්ධාරාම විහාරාධිකාරි ඌව මාවෙලගම සුමේධ හිමියන්

ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි සිදු කළ මෙහි සංස්කෘතිකාංග බැලීමට විදේශිය සංචාරකයෝ පිරිසක් ද  එක්ව සිටියහ. කිරි දානය පිළියෙළ කිරීමට  ඔවුහු එක්වූහ.

තෙල්මේ නර්ථනය දේව කන්නලව්ව සහ කමත් ශාන්ති කර්ම කටයුතු ද සිදුකළ අතර  පසු දින උදෑසන කිරි අම්මාවරුන් උදෙසා දානය පිළිගැන්වීණි.

ඩී. ඩී. අමරසිරි සහ ඩී. ඩි. මංජුල යන ගොවිමහත්වරුන්ගේ සංවිධාන ප්‍රධානත්වයෙන් පැවැත්වු මේ සඳහා රාගොඩ වෙල්යායේ සියළුම ගොවීහු ද මීට දායක  වූහ.

 

DSC01964 DSC01968 DSC01974 DSC01975 DSC01984 DSC01987 DSC01995 DSC01997 DSC02003 DSC02007 DSC02009