ගම්පහ ‘නිකං අල ‘ කුණු වෙයි


පවුලකට කිලෝ දෙක බැගින් සමෘද්ධි ලාභීන්ට නොමිලයේ බෙදාහැරීම සඳහා සමුපකාර අමාත්‍යංශය ගම්පහ දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති වෙත එවූ අර්තාපල් කුණු වීම නිසා කිලෝ 9590 ක් ලොරි පිටින්ම හරවා යැවීය.

ගම්පහ සමුපකාර සමිති 17 ක් සඳහා අල කිලෝ ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් පසුගිය සෙනසුරාදා (04) සිට එවු බවත් කිලෝ ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් කුණු වී තිබූ බවත් කියති.