ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (17) ගම්පහ නගර සභා පිටියේ පැවැත්වීමට නියමිත රැලිය ජනවාරි පළමු වැනිදාට කල් දැමූ බව ගම්පහ මහ නගර සභාවේ විපක්ෂ නායක කපිල එදිරිසිංහ මහතා කියයි.
සිරිසේන මහතාගේ නැන්දනියගේ අවසන් කටයුතු වැලිවේරියේදී අද (17) පැවැත්වීම මීට හේතුවයි.

