ගම්පහ මූලස්ථාන පොලිසියේ පොලිස් සාමාජිකයන්ගේ මදි කම නිසා ඇතැම් අවස්ථාවල දෙතුන් දෙනකු කරන වැඩ එක් අයකුට කිරීමට සිදුවී ඇතැයි පොලිස් ආරංචි කියයි.
ගම්පහ ග්‍රාම සේවා වසම් 96ක නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කටයුතු සුළු පිරිසකට කිරීමට සිදු ව ඇති බවත්, වෙනත් මූලස්ථාන පොලිසියක සිටින පිරිසට වඩා ගම්පහ මූලස්ථාන පොලිසියේ සිටින්නේ අඩු ප්‍රමාණයක් බවත්, තවත් නිලධාරීන් 250ක් පමණ අවශ්‍ය වී ඇති බවත් එම ආරංචි පවසයි.
ගම්පහ මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් ඇතුළුව 350කට ආසන්න පිරිසක් සිටිති. එයින් නිලධාරීන් 200කට වැඩි පිරිසක් විශේෂ රාජකාරි සහ වෙනත් කටයුතු සඳහා යොදවනු ලැබ සිටිති. පොලිසියේ සාමාන්‍ය කටයුතුවලට සිටින්නේ 150කටත් අඩු සංඛ්‍යාවක් බව දැනගන්නට ඇත.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා පැවසුවේ පොලිසියේ නිලධාරීන්ගේ සංඛ්‍යාව ගැන කිසිවක් හෙළි කළ නොහැකි බවයි.