දිවුලපිටිය හංචාපොළ ඌරු කොටුවකට එරෙහිව දහසකට ආසන්න ගැමියන් මහ පාරට බැස පාර අවහිර කැරගෙන උද්ඝෝෂණය අරඹා පැය බාගයක් යන්නට පෙර පොලීසිය හා රජයේ දේශපාලනඥයෝ එහි ආහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග පොලිස් අධිකාරි රංජිත් මාසිංහ මහතා ඇතුළු පිරිස උද්ඝෝෂකයනට කරුණු වටහා දීමෙන් පසුව ඔවුහු පාරෙන් ඉවත්ව හංචාපොළ අතුලමුණි මහා විහාරයට ගියහ.
එහිදී ගම්පහ දිසාපති ජේ ජේ රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ගැමියන් සමඟ සාකච්ඡාවක් ඇරැඹිණි . ඌරු කොටු හිමියාද රැස්වීමට කැඳවා තිබිණි. ඌරු කොටුවේ ඌරන් හාරදහසක් පමණ සිටින බව කියති.