ශ්‍රී ලංකාවේ ඉංග්‍රිසි පාලන සමයේ පැවැති ග්‍රාම නාමාවලිය යළි හඳුන්වා දීමට යයි. සෑම ගමකටම , නගරයකටම හිමි නිවැරදි නම නිත්‍යනුකුලව හදඳුන්වාදීමේ ක්‍රියාදාමයක් අරඹන බව මැනුම්පති උදය කුමාර මහතා පැවසීය.
සිංහල ,දෙමළ , ඉංග්‍රිසි යන භාෂා තුනෙන්ම නම නිවැරදි භාවිතය සටහන්වීම උච්චාරණය යන සෑම කාරණාවක්ම හඳුන්වන බවද ඔහු කීවේය.
“ස්ථානීය නාම පිළිබඳ දත්ත පද්ධතිය ලිඛිත ප්‍රකාශනයක් ලෙසට සැකැසේ.”
මෙම කර්තව්‍යය සිදු කිරිමට මැනුම්පතිගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කර ඇත. එම කමිටුවේ සාමාජිකයන් ලෙස රාජ්‍ය පරිපාලන තැපැල්, පුරාවිද්‍යා, රාජය භාෂා, ගොවිජන සේවා යන අංශ නියෝජනය කෙරෙන විද්වතුන් සහ සිංහල හා ඉතිහාසය පිළිබඳ දැනුමින් හෙබි මහාචාර්යවරු දෙදෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ද පත් කරගෙන ඇත. මෙහි සම්බන්ධිකරණය සිදු කරන්නේ නියෝජ්‍ය මැනුම්පති (භුගෝලිය නාම ) යටතේය.
රටේ අස්සක් මුල්ලක් නැර සිසාරමින් මෙයට අදාළ නිවැරදි තොරතුරු රැස් කැරෙයි. ග්‍රාම නාමාවලියේ නොමැති ගම් නගර රැසක් මේ වන විට ස්ථාපිත වී ඇති බවට අනාවරණය වී ඇත.

