බුලත්සිංහල ප්‍රාදේශිය සභා සභාපති තුසිත කුලරත්න මහතා බුලත්සිංහල පිහිටි ධර්මායතනයක් ඉවත්කිරීමට සැරැසෙතියි පවසමින් ඈගල්ඔය වැසියෝ ඊට විරුද්ධව බුලත්සිංහල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට අද (22) උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මේ පිළිබඳව විමසීමේදී සභාපතිවරයා පැවැසුයේ පන්සල් දෙකක් ගමට අවශ්‍ය නැති නිසා මේ පන්සල ඉවත් කළ යුතු බවත් එහි සිටින හිමිවරුන් නව දෙනාද ඉවත් විය යුතු බවයි. ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් 11 දෙනකුම සභාපතිගේ මතය නොපිළිගත්තද සභාපතිවරයා කියා සිටියේ පන්සල ඉවත් කළ යුතුම බවයි.
උද්ඝෝෂණය අතරතුරදී වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැමිණ උද්ඝෝෂකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු තාවකාලිකව ඔවුන් විසිර ගිය අතර විසඳුමක් නොලැබුණහොත් මාරාන්තික උපවාසයක් දක්වා මෙය ගෙන යන බවද උද්ඝෝෂකයෝ පැවසුහ.