බුලත්සිංහල ඈගල්ඔය පාරමිතා විශ්ව සමාධි ධර්මායතනය ගිනි තැබීමෙන් පසුව යළි ඉදිකිරීමට විරෝධය පළ කිරීමේ පා ගමනක් හා සත්‍ය ග්‍රහයක් අද(15) ඈගල් ඔය ශ්‍රී සුනන්දාරාමයේදී පැවැත්විණි.
බුලත්සිංහල බොදු හඩ සංවිධානය එය මෙහෙයවීය.
ඈගල්ඔය ගම දෙකඩ නොවීම පිණිසත් ශ්‍රී සුනන්දාරාමය සුරකිනු පිණිසත් මෙම පා ගමන පැවැත්විණි.
සුනන්දාරාමයේ සිට ඈගල් ඔය දක්වා ගමන් කළ සාම පිරිස බුලත්සිංහල නගරයේදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ.
පසුව මතුගම කලවැල්ල හරහා හොරණ මාර්ගයේ වාඩි වී විරෝධතාවයේද යෙදී සිටියේය.
පසුව භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ සුදුවතින් සැරැසුණූ පිරිස ඈගල්ඔය සුනන්දාරාමයට පැමිණියහ.
ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමයේ පීඨිකාවක සත්‍යග්‍රහය අරඹමින් මහා සංඝයාවහන්සේ ප්‍රමුඛ එම විහාරස්ථානයේ විහාරාධිපති නවදගල චන්ද්‍රසිරි හිමියෝ වැඩ සිටිති.
ගමකට එක් පන්සලක් පමණක් තිබිය යුතු බවත් ධර්මායතනය ගමට අනවශ්‍ය බවත් සුනන්දාරාමයට රැස්වු පිරිස කියා සිටියහ.
ඔවුහු ජනමාධ්‍යටද දොස් කීය.