ගණිකා හල් හිමියාගේ තෑග්ගට පෙම්වතියෝ විරුද්ධ වෙති
ග්‍රීසියේ දුප්පත් පාපන්දු කණ්ඩායම එරට ගණිකා හල් හිමියෙක් යුරෝ දහසක් ද (රුපියල් 170000) ජර්සි හා කොටකලිසම් ද පිරිනැමීය. එම කණ්ඩායම ජය ගතහොත් සෙවුලා අලෙවිර්දෝ නම් මේ ගණිකා හල් හිමියාගෙන් තෑග්ගක්ද හිමි වෙයි. ‘හොටෙල් ඉරෝටිකා‘ සොවුලා නිවසයේ ගණිකාවන් සමග නොමිලයේ රැය පහන් කිරීමට පහසුකම් සැපයීමයි. එහෙත් එම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පෙම්වතියෝ ඒ තැග්ගට බලවත් අකමැත්ත පළ කරති. එහෙයින් ඔවුහු ප්‍රතිවාදී පිලේ ජය පතා ඔවුනට ‘චියර්‘ කරන්නට යති.

