(උපාලි ආනන්ද)
සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාස 16ක් වටලා සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් 10දෙනකු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (07) නියෝග කළේය.
සැකකාර කාන්තාවන්ට සමාජ රෝග ඇද්දැයි අනාවරණය කර ගැනීමට ඔවුන් වෛද්‍ය පරික්ෂණයකට යොමු කර වෛද්‍ය වාර්තා එදිනට අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
ඔවුන් වයස අවුරුදු 20ත් 40ත් අතර වියේ පසුවන්නියන්ය

