ගඩාෆිගේ මාධ්‍ය ප්‍රකාශක අල්ලයි


ලිබියාවේ හිටපු ඒකාධිපති පාලක කර්නල් ගඩාෆි මිය ගොස් හරියටම අවුරුද්දකට පසු  ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක මූසා ඒබ්‍රාහිම් පසුගිය සෙනසුරාදා සැඟවී සිටිය දී අත් අඩංගුවට ගනු ලැබීය. ට්‍රිපෝලි නගරයේ සිට දකුණු දිශාවේ කිලෝමීටර 70ක් පමණ දුර තෙරොහුනා නම් ගමේදී අත්අඩංගුවට ගත් බව වර්තමාන පාලකයෝ පවසති. හිටපු නායකයාගේ හඩ ලෙස සලකන ගඩාෆි රජයේ මාධ්‍ය ප්‍රකාශක පසුගිය කැරැල්ල පැවති සමයේ නිතරම මාධ්‍යය සමග කතා කළේය. දැනට ඔහු ට්‍රිපෝලි නගරයේ මහා බන්ධනාගාරයේ විශේෂ රැකවරණ යටතේ පසු වන්නේය.