ලන්ඩන් නුවර අලුතින් පිහිටුවාගෙන ඇති ලන්ඩන් නුවර කවි සමාජයේ සමාරම්භක එකමුතුවක් මෙම මස 30 වැනි දින සවස 6 සිට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයයේදී පැවැත්වීමට සුදානම් කර ඇති බව එම සංවිධානයේ කැඳවුම්කරුවන් වන අනුර හෑගොඩ සහ දයා ආනන්ද රණසිංහ මහත්වරු කියති.
එදින උත්සවයේදී මහාචාර්ය ටී.එස්.අබේවික්‍රම "සිංහල කවියෙන් තුලින් දැකගත හැකි බුදුදහම" මැයෙන් දේශනයක්ද, නීතීඥ අනුර හෑගොඩ සෞන්දර්යයෙන් සහ ශෘංගාර රසයෙන් පිරි කාව්‍ය රචනාවෙන් එම යුගයේ විද්වතුන්ගේ
කල්පනාලෝකය කැලඹු ප්‍රකට කිවිඳිය ගජමන් නෝනාගේ පද්‍ය" විමසා බැලීමක්ද, ලංකා විත්ති පුවත්පතේ කතෘ දයා ආනන්ද රණසිංහ
විසින් "කවිය සිංහල රජවාසලට තුලට පවා ඇතුල්වී අනවසර පෙම් සබඳතාවයකට මුල පුරා ඛේදවාචයකින් අවසන් වූ දස්කොන් සහ ප්‍රමිලා බිසවගේ පුවත ඇසුරින් එදා මතුවූ කාව්‍ය පසුබිම" පිලිබඳ විමර්ශනයක්ද, සුනීත පෙරේරා විසින් පද්‍ය ගායනයක්ද ඉදිරිපත්කිරීමට නියමිතය.
එමෙන්ම එදිනදී මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාගේ දේශනයක් සහ "සිංහල කවිය සහ සිංහල
ජන ජීවිතයේ සුහද සම්බන්ධතාවය" යන මැයෙන් සාකච්ඡා වාරයක්ද පැවැත්වෙනු ඇත.
නීතීඥ අනුර හෑගොඩ දක්ෂ කවියෙකු, පුවත්පත් කලාවේදියෙකු,තීරු ලිපි සහ ග්‍රන්ථ රචකයෙකුද වෙයි. "ලන්ඩන් කවි" නමින් කාව්‍ය සඟරාවක්ද ඔහු විසින් ප්‍රකාශයට පත් කර ඇත. දයා ආනන්ද රණසිංහ ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකි. කාව්‍ය රචකයෙකු තිර නාට්‍ය රචකයෙකු සහ ග්‍රන්ථ කාර්තු වරයෙකු වන ඔහු ශ්‍රී ලංකාවෙන් පිට මුද්‍රණය කළ එකම සිංහල පුවත්පත වන " ලංකා විත්ති" පුවත්පතෙහි කතෘ වරයාය. ලොව වටා ජීවත්වන සිංහල පාඨකයන්වෙත නොමිලයේ බෙදා හැරෙයි.