(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර දිස්ත්‍රික්කය තුළ ඇති වී තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට පවුල් 800 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා සම්බන්ධීකරණ නිලධාරී අනුජන්ත විදානගේ මහතා පැවසීය.
මාතර,තිහගොඩ,මාලිම්බඩ,කඹුරුපිටිය,අතුරලිය,අකුරැස්ස,දෙවිනුවර,පස්ගොඩ,වැලිගම හා කිරින්ද පුහුල්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක ජනතාව මෙම ව්‍යසනයට මුහුණ පා සිටිති.
විශේෂයෙන්ම මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ නිවාස 03 ක් සම්පූර්ණයෙන් විනාශ වී නිවාස 151 කට අර්ධ වශයෙන් හානී සිදු වී තිබෙන බව අනුජන්ත මහතා කීය.
කෙසේ වෙතත් අකුරැස්ස නගරයේ කොටසක් ඇතුළුව පහත් බිම් රැසක ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් තිබුණි.
මාතර නගරය ආසන්නයේ ද නිවාස රැසක් වැසි ජලයෙන් යට වීමට පටන් ගෙන තිබුණේය.ඊට අමතරව ප්‍රධාන මාර්ග ගණනාවක වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇන හිට තිබේ.
නාය යාමේ අවදානමක් හේතුවෙන් පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 05 ක පුද්ගලයින් 15 දෙනෙකු පදිංචි නිවාස වලින් ඉවත් කර බටාදුර විහාරස්ථානයේ තාවකාලිකව නවාතැන් දී තිබෙන බව ද විදානගේ මහතා සදහන් කළේය. එම පවුල් වෙනුවෙන් පිසූ ආහාර ලබා දීමට ද කටයුතු කර ගෙන යන බව ඔහු වැඩිදුරටත් කීය.




