ගංජා ගෝනි දෙකක් සමඟ මේජර් අල්ලයි


ගංජා ගෝනි දෙකක් සමඟ හමුදා මේජර්වරයකු බව කියන පුද්ගලයකු අනුරාධපුරයේ උතුරු කඳවුරෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි පවසයි.

උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ විශේෂ වැටලීම් ඒකකය මොහු ඔහුගේ කාරය හා කැබ් රියක් සමඟ  අත්අඩංගුවට ගෙන ඇති බවත් ගෝනි දෙකේ කිලෝ සියයක පමණ ගංජා  තිබෙන්නට ඇතැයි එම ආරංචි සඳහන් කරයි.

21 වැනි බළ සේනාංකයට අයත් බව කියන මේ මේජර් වසරක් තිස්සේ මේ කාර්යයේ යෙදී සිටි බවට ලැබී ඇති තොරතුරු සත්‍ය දැයි පරීක්ෂා කරන බව පොලීසිය පවසයි.

ඔහු සමඟ තවත් දෙනෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.