තණමල්විල සිට අනුරාධපුරය දක්වා ගංජා ප්‍රවාහණය කළ බව කියන යුද හමුදා මේජර්වරයකු සහ ව්‍යාපාරිකයකු ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් අමරසිරි හේවගේ මහතා අද නියෝග කළේය.
මේජර් ජයවීර ඉන්ද්‍රනීල ප්‍රණාන්දු සහ ව්‍යාපාරිකයකු බව කියන ආර් ඒ සමින් එලෙස රිමාන්ඩ් කරනු ලැබූහ.
මේජර්වරයාගේ වාහනයෙන් ගංජා කිලෝ පහළොවක් සහ ව්‍යාපාරිකයාගෙන් වාහනයෙන් ගංජා කිලෝ 10ක් ප්‍රවාහණය කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

