තණමල්විල ප්‍රාදේශිය ලේකම් නිල රියෙන් ගංජා ප්‍රවාහනය කළ ප්‍රාදේශිය ලේකම් කාර්යාල රියදුරු නිමල් ප්‍රේමරත්නට රුපියල් පනස්දහසක දඩයක්ද බරපතල වැඩ සහිත වසර දෙකහමාරක සිර දඩුවමක්ද නියම විය.
මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ ඔහු වරද පිළිගත්තේය.ඔහු ගංජා කිලෝ 23ක් එම රියෙන් රැගෙන ගිය බව පැමිණිල්ලෙන් කියැවිණි.

