(ඉන්දිකා රාමනායක)
කෝපායි කොණ්ඩාවිල් හිදි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අද (9) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු නෙල්ලිඅඩි ප‍්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ත‍්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 12 වැනි සැකකරු බවද පොලිසිය කියයි.

