(ඉන්දිකා රාමනායක)
යාපනය කෝපායිහී දී පොලිස් නිලධාරීන් දෙදෙනකු කපා කොටා තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු කෝපායි හා නල්ලූර් ප‍්‍රදේශවලදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (03) අත්අඩංගුවට ගනු ලැබු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණයින් 18 වැනි වියේ පසුවන්නන් බවද පොලිසිය කියයි.සැකකරුවන් හෙට (04) අධිකරණයට ඉදිරිපත් නියමිතය.

