කල් ඉකුත් වු කාය වර්ධන හා රූපලාවන්‍ය බෙහෙත් ඇතුළු ඖෂධ වර්ග ගබඩාවක් කොළඹට ආසන්න පෙදෙසකින් වැටලු පාරිභෝගික අධිකාරිය රුපියල් කෝටි පනහක පමණ බෙහෙත් වර්ග අත්අඩංගුවට ගත් බව කියයි.
කල් ඉකුත් වු දිනය කපා අලුත් දිනයක් යොදා අලුතින් අසුරද්දී පාරිභෝගික අධිකාරිය මේ වැටලීම සිදු කළේය.
2014 අප්‍රේල් මාසයෙන් කල් ඉකුත් වු ඖෂධ 2015 සැප්තැම්බර් මාසයේ කල් ඉකුත් වන දිනය ලෙස සදහන් කරමින් නව ලේබල් යටතේ වෙළද පොළට නිකුත් කිරීමට සකස් කැර තිබු බව ද අධිකාරිය කියයි.

