(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක්, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් නිතර නිතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතුවල යෙදෙන 28 හැවිරිදි සහ 38 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයන් දෙදෙනෙකි .
කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Chanel ) ඔස්සේ මොවුන් ගුවන් තොටුපළෙන් පිටවීමට උත්සාහ දරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.
ඔවුන් පැළද සිටි පාවහන් සහ යට ඇදුම් තුළ මෙන්ම ගෙල පැළද ගෙන මෙම කිලෝ ග්රැම් 01 යි ග්රැම් 200 ක් බරැති ස්වර්ණාභරණ තොගය රැගෙන විත් තිබුණි .
රේගු නිලධාරීන් නොමග යැවීම සඳහා ගෙළ පැළද සිටි මාල රිදී පැහැයෙන් ආලේප කර තිබු බවට රේගුව කියයි.

