කෝටි ගණනක මැණික් සමග ප්‍රංශ ජාතිකයකු රේගු දැලේ


( දිපා අදිකාරි)

රුපියල් එක් කෝටි පහලොස් ලක්ෂයක් වටිනා මැණික් ගල් හතරක් සිය සපත්තුවේ සහ ඇඳුම් සාක්කුවේ සඟවාගෙන ඩුබායි සිට මෙරටට පැමිණි  ප්‍රංශ ජාකිකයකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදි රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු ළඟ තිබී  පුෂපරාග ගල්  තුනක් සහ එක් නිල් මැණිකක් සොයාගත් බවත් ඊට අමතරව විදේශීය දුම් වැටි 61 ක් සහ විදේශීය මත් පැන් බෝතල් 9 ක් සොයාගත් බවත් ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් බවත් රේගුව පවසයි.