(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදු වුයේ කුමක්දැයි තමා දන්නේ නැතැයි පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (16) පැවසීය.
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදු වුයේ කුමක්දැයි නොදැනීම බරපතල සිද්ධියකැයි දැනුම් දුන් කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා සමාගමේ රුපියල් කෝටි 71කට අධික ලාභාංශ වලට සිදුවුයේ කුමක්දැයි සොයා බලා වහාම කොමිසමට දැනුම් දීමට නියම කළේය.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ පළිසේන මහතා සාක්කි දෙමින් එම සමාගමේ මුල්‍ය වාර්තා පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.
‘ඔබ සමාගමේ අධ්‍යක්‍ෂවරයෙක් ද?‘යැයි කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා සාක්කිකාර පළිසේන මහතාගෙන් විමසු අතර ඊට පිළිතුරු දෙමින් පළිසේන මහතා පැවසුවේ තමා පර්පචුවල් ඇසට් මැනේජ්මන්ට් සමාගමේ විධායක නොවන අධ්‍යක්‍ෂවරයකු බවත් තමා සමාගමේ රැස්වීම් වලටද සහභාගි වන බවත් ය.

