කෝටි 35 ක තීරු බදු වංචාවක් ?


රුපියල් කෝටි  82  කට  වැඩි වටිනාකමින් යුතු  රෙදිපිළි සහ උපාංග තොගයක්  තීරු බදු වංචා කරමින් මෙරටට  ආනයනය කිරීමේ සිද්ධියක් පිළිබඳව  ශ්‍රී  ලංකා රේගු තොරතුරු සන්නිවේදන තාක්ෂන අංශය විමර්ශනයක් ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා  පැවසුවේය.

ශ්‍රී  ලංකා ආයෝජන මණ්ඩලයට යටතේ ඇති  ඉපලෝගම හා කැකිරාව  ප්‍රදේශයේ පිහිටි  ඇගලුම් කර්මාන්ත ශාලා දෙකක්     විසින්  ඇඳුම් නිෂ්පාදන කර නැවත අපනයනය කිරීම සඳහා බදු සහන ලබා ගෙන  රෙදිපිලි හා උපාංග ඇතුලත් කන්ටේනර් 357  කට අධික සංඛ්‍යාවක් තීරු බදු වංචා කරමින් මෙරටට ආනයනය කර ඇති බව අනාවරණය වී ඇත.

මින් කන්ටේනර 319 ක රෙදිපිළිද,  තවත් කන්ටේනර 38 ක උපාංගද මෙරටට ගෙන්වා කෙලින්ම  වෙළඳ පොළට යවා  ඇති බව රේගුව කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

මින් රේගුවට  වංචා කර ඇති තීරු බදු මුදල රුපියල් කෝටි 35 කි.