කෝටි 26ක ඉඩමකට හොර ඔප්පු හැදූ 8ක් දැලේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අගනුවර පිහිටි රුපියල් කෝටි 26ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සාදා විකිණීමට උත්සාහ කළ බව කියන යුද හමුදා විශ්‍රාමික කපිතාන්වරයකු ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන විශ්‍රාමික කපිතාන්වරයා අගනුවරින් බැහැර පදිංචිකරුවකු බවත් රුපියල් කෝටි 26ක් වටිනා ඉඩම රුපියල් කෝටි 5කට විකිණීමට උත්සාහ කිරීමේදී මොවුන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් කියති.

සැකකරුවන් අතර තෙල් සංස්ථා සේවකයකු ද වේ.