( විනීතා එම් ගමගේ )
වානේ කම්බි නිෂ්පාදන සමාගම් බදු වශයෙන් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 1500 කට අධික මුදලක් නොගෙවා පැහැර හරින බව දුෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.
වානේ කම්බි නිෂ්පාදනය කරන සමාගම් 23 ක් පමණ ඇති බවත් එයින් බදු වංචාවට සම්බන්ධ වන්නේ ප‍්‍රධාන වශයෙන් පරණ යකඩ එකතු කර යළි වානේ නිපදවන සමාගම් බවත් හෙතෙම කීය.
එමෙන්ම ප‍්‍රමිතියෙන් යුත් නිෂ්පාදන වෙළෙඳපොලේ ඇත්තේ 30%ක් බවත් සමරසිංහ මහතා ප‍්‍රකාශ කරයි.
අබලි යකඩවලින් නිපදවන කම්බි ශක්තිමත් නැතැයි පෙන්වා දුන් සමරසිංහ මහතා වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩාවැටීමේ සිද්ධියේ දී විශේෂඥයින් මේ පිළිබඳ අවධාරණය කළ බවත් බාල යකඩවලින් ප‍්‍රවේශම් වන්නැයි ගොඩනැගිලි ඉදි කරන්නන්ගෙන් ඉල්ලා සිටි බවත් සිහිපත් කළේය.
මේ ජාවරමට දේශපාලඥයින් සම්බන්ධ බවට තොරතුරු හෙළි වී ඇතැයි ද ඒ ගැන ඉදිරියේ දී තොරතුරු රැසක් හෙළි කිරිමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (16) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

